spot_img
spot_img

බදු කඩිනම් කරන පනත සංශෝධනයට අනුමැතිය

බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා

දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි දේශීය දෙපාර්‌තමේන්තුවේ ආදායම් තීරණයක් පිළිබඳ අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නෙකුට එම තීරණය පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වනවා.

ඒ සම්බන්ධයෙන් වන සිය තීරණය වසර 2ක් නොඉක්මවීමට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් ලබා දිය යුතු වන අතර, එම තීරණය පිළිබඳව ද අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නකුට එම තීරණය සමාලෝචනය කිරීම සඳහා බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර, එවැනි සමාලෝචන ඉල්ලීමක් ලැබුණු දිනයේ බදු අභියාචනා කොමිෂන් සභාවේ තීරණය දින 270ක් තුළ ලබා දිය යුතු වනවා.

ඒ අනුව, එකී අභියාචන ක්‍රියාවලිය සඳහා වසර තුනකට ආසන්න කාලයක් ගත විය හැකි අතර, ඒ හේතුවෙන් පසුගිය කාලයේ රුපියල් බිලියන 73ක පමණ බදු මුදලක් රාජ්‍ය ආදායමට අය කර ගැනීමට නොහැකිව පවතින බව රජය පවසනවා.

එම කරුණු සැලකිල්ලට ගෙන, බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ විධිමත් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...