Thursday, April 23, 2026
spot_img
spot_img

රනිල් නිසා ගෝඨාභයට වුන දේ ගැන අනුර කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් නොවුනානම් තෙල් ගෑස් නැති නොවන බවයි.

ඊයේ (17) මැල්සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා :

“රනිල් වික්‍රමසිංහ කියනවා එයා ඇවිල්ලා තෙල්, ගෑස් දුන්නලු. 2015-19 එයා ආවේ නැත්තම් තෙල් ගෑස් නැතිවෙන්නේ නැහැ. ඩොලර් කෝටි 1,350ක් නැති කළා. ගෝඨාභය බිලිදුන්නා. ගෝඨාභය පව්. අරගොල්ලෝ කරපු අපරාධවලට අන්තිමේට ගෝඨාභය බෙල්ල දුන්නා. ඒ නිසා අපි රට අරගෙන ගෑස් නැති වෙයි, තෙල් නැතිවෙයි, විදුලිය නැති වෙයි කියනවා. බය වෙන්න එපා කිසිඳු භාණ්ඩයක් හිඟයකින් තොරව ලබාදෙනවා. මාලිමාවේ ආණ්ඩුවක් කෙටි කාලකින් වාහන ආනයනය කරනවා. ජපන් බයිසිකල් ගේන්න ඉඩහඩලා දෙන්නම්. රට හැදීමේ වුවමනාව තිබෙනවා. ඒ නිසා පළමු වතාවට රට හදන්න මුලපුරන ආණ්ඩුවක් හදනවා.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...