Tuesday, April 21, 2026
spot_img
spot_img

අනුර නාමයෝජනා අත්සන් තබයි

එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

ඒ අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු ඇතුළුව ජාතික විධායක සභිකයින් කිහිප දෙනෙක්ද සහභාගි වූහ.

මෙම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අනුර කුමාර මහතා,

“ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. අපේ රට විශාල අර්බුද ගණනාවක හිටපු පාලක පන්තීන් විසින් පත්කරලා තියෙනවා. මේ අර්බුදයෙන් අපේ රටේ ජනතාව මුදවා ගැනීමේ අභියෝගය ජාතික ජන බලවේගය භාරගන්න සුදානම්. අපි තබන ලද මේ අත්සන සහතික වශයෙන් ජයග්‍රාහී අත්සනක් බවට අපි පරිවර්තනය කළ හැකියි. අනෙක් කඳවුරු එක එක කණ්ඩායම්වලට බෙදිලා, කැඩිලා එක එක කුණු එකතු කරන තත්ත්වයකට පත්වෙලා. ජාතික ජන බලවේගය අවුරුද්දකට එකහමාරකට කලින් අපි පටන් ගත්තේ. අපි ඉතාමත් ශක්තිමත්ව, සංවිධානාත්මකව මහජනතාව දැනුවත් කරමින් අද දක්වා මේ ගමන දියත් කරලා තියෙනවා. මේ දින කිහිපය තුළ ඉතාමත් ශක්තිමත්ව අපිට මේක මෙහෙයවිය හැකියි. ඉන් අනතුරුව අපේ රට පොහොසත් රටක් බවට පත්කරන අභියෝගයත්, ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කරදීමේ අභියෝගයත් ජාතික ජන බලවේගය භාරගන්න සුදානම්.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...