spot_img
spot_img

අනුර කුමාරගේ ඇමති මණ්ඩලය මෙන්න

එළඹෙන 21 දිනයෙන් පසුව තම පක්ෂය පිහිටුවන රජයේ රාජ්‍ය ඇමතිවරු නොමැති නියෝජ්‍යය ඇමතිවරු පමණක් සිටින 25 දෙනෙකුගෙන් යුත් විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් සාදන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම ඇමති මණ්ඩලය පත් කරන්නේ ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රයන් එකට එකතු කර එක් විෂය පතයකට යටතේ බවයි ඔහු පවසන්නේ.

පුත්තලම නගරයේ පැවති ජන හමුවකිදී ඒ මහතා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා

“මෙතෙක් කලක් පැවති පවුල් දේශපාලනය තිත තියන්න ඉතිහාසයේ ලැබිලා තියෙන හොද අවස්ථාවක් මෙය. මහින්දගේ” පුතා ජනාධිපති කරන්න , ප්‍රේමදාසගේ පුතා සජිත් ජනපති කරන්න , ජේ.ආර් ගේ බෑනා රනිල් ජනපති කරලා පුවුල් දේශපාලනයට ඉදිරියටත් ගෙනි යනවාද? නැතිනම් එන 21 වෙනිදා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදාලා මේ ගමන නවත්වනවාද කියන එක ඔබ තීරණය කරන්න.

අපේ ආණ්ඩුවක් යටතේ විදිමත් ලෙස ධීවර කර්මානතය , කෘෂිකර්මාන්තය නංවාලිමට කඩිනමින් කටයතු කරනවා , ඒ සදහා ජනතාවට දිය හැකි සියලු සහන දෙනවා , රජයක් හැටියට අපි උදව් කරනවා. පුත්තලම දිස්ත්‍රික්කය එයින් විශේෂයි. ධීවරයන් හා ගොවීන් ශක්තිමත් කිරීම තුලින් ජාතික ආර්ථිකයට ලොකු සවියක් ගන්න පුළුවන්.

ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වටපිටාවක් අපි දරුවන්ට ඇති කරනවා. පුත්තලමේ ඉදලන් හලාවතට , වෙන්නප්පුවට දරුවන් පාසල් ගිය යුගය අවසන් කරන්න කටයුතු කරනවා. කිලෝමිටර් 3 ඇතුළත විදිමත් පහසුකම් සපිරි පාසලකට ඔබේ දරුවා යවන්න කටයුතු කරනවා. රජයේ සේවකයේ 70% වැඩි ප්‍රමාණයක් ජාතික ජනබලවේගය සමග එකතුවේලා ඉවරයි . ඒක අපිට ඉර හද වගේ විශ්වාසයි.

අපේ ජයග්‍රහනය ස්ථිරයි එයින් පසුව අපි පාර්ලිමේන්තුව විසුරුවාහරිනවා. හොදට මතක තියා ගන්න ඊළඟ පාර්ලිමේන්තුවට මේ ඉන්න ගොයියන්ගෙන් 150 වැඩි ප්‍රමාණයක් හැලෙනවා.

එතකොට ලංකාවට හොරෙන් රත්තරන ගෙනාපු පුත්තලමේ ගොයියා ඇතුළු තවත් කණ්ඩායමක්ම ගෙදර. අපේ ආණඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී ජනතා බදු මුදලින් ඔවුන්ගේ ජල , විදුලිය බිල්පත් ගෙවීම් අහෝසියි. අවශ්‍යනම් පමණයි ආරක්ෂක නිළදාරින්. පොලිස් නිළදාරින් නිකන් බැලමෙහෙවර කරන්න යොදන්නේ නැ”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...