spot_img
spot_img

කෙහෙළියට තවත් කේස් එකක්, පිළිකා රෝගීන්ගේ තවත් බෙහෙතකට වැඩේ දීලා

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් ඊයේ (25) දින හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වන කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව ඉදිරියේ දී නඩු පවරන බව පවසයි.

ඒ කෝටි ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් බව සඳහන්.

වාර්තා වන ආකාරයට ඔහුට ඇති චෝදනා වන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී තිබෙන ණය මුදල්වලින් ඉමියුනෝග්ලොබියුලීන් සහ පිළිකා රෝගීන් වෙනුවෙන් භාවිත කරන රිටොක්සිමැබ් නම් ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන ඔස්සේ ආනයනය කර තිබෙනවා.

අනතුරුව ඒවා රජයේ රෝහල්වලට බෙදා හැර රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීමයි.

එසේම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත පදනම්ව රුපියල් කෝටි 14 කට ආසන්න මුදලක් වියදම් කොට ඖෂධ ලෙස ලබා දී ඇත්තේ මරාන්තික බැක්ටීරියා සහිත වතුරයි.

ඒ බව ඉකුත් 19 වන දින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...