spot_img
spot_img

ලංකාවේ ණය පිළිබඳව විශ්ලේෂකයන් බොරු කියනවා – මුදල් අමාත්‍යාංශ ලේකම්

මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය පිළිබඳව වැරදි දත්ත අර්ථ දක්වමින් විශ්ලේෂණයන් සිදුකර සමාජයට වැරදි පණිවුඩ යොමුකිරීමට ඇතැම් විශ්ලේෂකයින් සහ ආර්ථික ප්‍රවීණයන් කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහාවන එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID ආයතනය හරහා වෙළෙඳ කටයුතු සඳහාවන ජාතික තනි කවුළු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.

එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙසේද පැවසුවා.

”ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රය වෙනුවෙන් වෙළඳ කටයුතු සඳහාවන ජාතික තනි කවුළු පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට විවිධ හේතූන් මත වසර ගණනාවක කාලයක් ගතවුණා. අප රටේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන් විවේචනය කිරීම හමුවේද මෙය ක්‍රියාවට නැංවීමට ප්‍රමාද වුණා වගේම නොසලකා හරිනු ලැබුවා. වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වන අවස්ථාවක මෙවැනි ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වනවා.

ඔබ දන්නවා පසුගිය වසර දෙකක, තුනක කාලය තුළ ශ්‍රී ලංකාව පෙර නොවු අයුරින් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පෑවා. දැන් එම අර්බුදය බොහෝ දුරට අවසන්වී තිබෙනවා. ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ හමුවේ ආර්ථිකය සාර්ථකව ස්ථාවරත්වයට පත්කළද අපට ආර්ථිකය සම්පූර්ණයෙන් යථා
තත්ත්වයට කිරීමට තව බොහෝ දුරක් යා යුතුයි.

මීට පෙර අප අත්විඳි ආකාරයට ශ්‍රී ලංකාව නැවත ණය අර්බුදයකට පත්වීම වළක්වාලීම වෙනුවෙන් විවිධ නීතිමය රාමු ක්‍රියාත්මක කිරීමටද කටයුතු කර තිබෙනවා. මේ වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ රජයේ ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 44%ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙනවා.

ඒ වගේම ඔබ බොහෝ විට දැක ඇති ඇතැම් ආර්ථික විශ්ලේෂකයින් සහ මූල්‍ය විශේෂඥයින් මේ කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය මාර්තු මස අවසන්වන විට අමෙරිකානු ඩොලර් බිලියන 100ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ප්‍රකාශ කරනු ලබනවා. කෙසේවෙතත් ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගය මේ කාලය තුළ අවප්‍රමාණයට ලක්වීම හේතුවෙන් මෙම ශෝචනීය තත්ත්වය ඇතිවු අතර නමුත් අවාසනාවන්ත ලෙස සමාජය තුළ සංසරණයවන පණිවුඩය වන්නේ මෙරට ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4කින් ඉහළ ගොස් ඇති බවයි.

නමුත් අවසනාවන්ත සිදූවීම නම් ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආර්ථික විශේෂඥයින් පවා අසත්‍ය ප්‍රකාශ ගොඩනගමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් බලා අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීමයි.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...