spot_img
spot_img

ජනපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ බඩු නැති වීම ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ තොගයක් අස්ථාන ගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය අද(08) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

එම අස්ථානගතවූ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 162 ක් බවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යොමු කළ නිර්නාමික ලිපියක් පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවත් පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය පැවසුවා.

අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අංශය බාර ගණකාධිකාරී සිසිර කුමාර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් අස්ථානගතවූ භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේ ප්‍රකාශ සටහන් කරගන්නා බවත් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කළා.

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළා.

විමර්ශනය සදහා නියෝග අවශ්‍ය නම් මෝසමක් හරහා ඉල්ලා සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...