spot_img
spot_img

හිටපු ලේකම්වරයෙක් පැයෙන් පාස්පෝර්ට් අරන් ගිහින්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් වියානි ගුණතිලක ඊයේ (30) පෙරවරුවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැයක කාලයක් ඇතුළත තම නව ගුවන් ගමන් බලපත්‍රය ලබාගෙන තිබෙනවා.

පෙරවරු 10.15ට පැමිණි ඔහු 11.30 වනවිට තමා සතුව පැවැති රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර N11540935 අංක දරන සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට වාර්තා වුණා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (ප්‍රත්‍යන්ත පාලන හා තොරතුරු තාක්ෂණ) නිලධාරී ඉන්දික හේරත් මහතා මේ සඳහා සහාය දක්වා ඇති බව සඳහන්.

මොහු වියානි ගුණතිලක හට කඩිනමින් මෙම ගුවන් ගමන් බලපත්‍රය ලබාගත හැකි පරිදි අංක 3001 දරන ටෝකන් පත නිකුත් කර අදාළ කාර්ය‍ය පැයක් ඇතුළත අවසන් කරදී තිබෙනවා.

ඉන්දික හේරත් නම් තැනැත්තා මෙම තනතුරට පත් වූයේද පැවති ආණ්ඩුවේ දී මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ව සිටි වියානි ගුණතිලක සහ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය⁣ගේ සහයෝගයෙන්.

සාමාන්‍ය ජනතාව දීර්ඝ කාලයක් පෝලිමේ සිට සති දෙකකට ඉදිරියෙන් තිබෙන දිනයකට ටෝකන් ගෙන අයදුම්පත් බාර දීමට පැමිණෙන තත්ත්වයක් පවතින වාතාවරණයක වියානි ගුණතිලක VIP පර්යන්තයෙන් පැයක පමණ කාලයක් ඇතුළත මෙම බලපත්‍රය ලබාගෙන අවසන් වීම ගැටලු සහගත කාරණයක් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...