spot_img
spot_img

ප‍්‍රබල ජනාධිපති අපේක්‍ෂකයෙකුට ප‍්‍රහාරයක්

මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රබල අපේක්ෂකයෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ඇති තොරතුරක් පිලිඳිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බවට ලංකා c news වාර්තා කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහස් වාර්තාවක් මගින් කරන ලද දැනුම් දීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් ඇතැයි ලද තොරතුරු සම්බන්ධයෙන් ඉතා රහසිගත වාර්තාවක් රහස් පොලීසිය විසින් අධිකරණය මගින් ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාව රහසිගත හා ආරක්‍ෂාකාරී ලෙස තබා ගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් අනාවරණය කරමින් තොරතුරු ලබාදෙන ලද පුද්ගලයාටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...