spot_img
spot_img

ගසාහි රෝහලකට ප්‍රහාරයක්

ගාසා තීරයේ පිහිටි රෝහලකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම ගුවන් ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් වාර්තා පවසනවා.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ද බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රයල හමුදා ප්‍රකාශ කර ඇත්තේ ඩීල් අල් බාලාහී අල් අක්සා රෝහල් භූමියේ පිහිටි ඉස්ලාමීය ජිහාඩ් අණදෙන මධ්‍යස්ථානයකට තමන් ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේවෙතත් රෝහල් කඳවුරු ලෙසට භාවිතා කරන බවට ඊශ්‍රායල චෝදනා හමාස් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රතික්ෂේප කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...