spot_img
spot_img

මධ්‍යම අධිවේගයේ යන රියදුරන්ට විශේෂ නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (14) සිට දින 14ක කාලයක් කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 56.9 සිට කිලෝමීටර් 57.4 දක්වා කොටස මෙලෙස අලුත්වැඩියාව සිදුකිරීමට නියමිතයි.

මේ හේතුවෙන්, එම දින 14 තුළදී මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කරන රථවාහන කිලෝමීටර් 56.2 කණුවට පෙර ඇති මධ්‍ය හදිසි දොරටුවෙන් කුරුණෑගල සිට මීරිගම දක්වා දිවෙන දකුණු මංතීරුවෙන් ධාවනය කළ යුතු වෙනවා.

එසේම මෙම කාලසීමාව තුළදී කුරුණෑගල සිට මීරිගම දක්වා ගමන්කරන රථවාහන මෙලෙස අලුත්වැඩියාව සිදුකරන කොටසේ එක් මංතීරුවකට පමණක් රිය ධාවනය සීමා කරන බව පොලීසිය දැනුම් දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...