spot_img
spot_img

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව කියා සිටියා.

යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දී ඇත්තේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

එමෙන්ම අපේක්ෂකයින් වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් එහි සඳහන්ව තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට පටහැනිව අනීතික ලෙස ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ නම් ප්‍රවර්ධනය සිදුකරනු ලබන අපේක්ෂකයාට මෙන්ම ප්‍රවර්ධනයට ලක්වන අපේක්ෂකයාටද මැතිවරණ නීති ප්‍රකාරව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...