spot_img
spot_img

වාහන ආනයනය ගැන නිවේදනයක්

මෙරටට වාහන ආනයනය කිරීම සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සඳහන් කළේ ආණ්ඩුව වාහන ආනයනය පිළිබඳ තීරණ ගැනීමට කමිටුවක් පත්කළ යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා,

“පසුගිය වසර කිහිපයේදී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඒ කියන්නේ 2017, 2018, 2019 වසරවලදී 85%ක් ගෙන්නලා තියෙන්නේ පාවිච්චි කරපු වාහන. 15% අලුත් වාහන ආනයනකරුවන් විසින් ගෙන්නලා තියෙන්නේ. ඒ 85%නුත් 95%ක් ගෙන්නලා තියෙන්නේ ජපන් රටෙන්.  ඉදිරියේදී වාහන ආනයනය කරනවානම් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ජනතාව කැමති දෙයට. ජනතාව කැමති දේ නැතුව ඒජන්තවරුගේ අවශ්‍යතාවයට කටයුතු කරලා රටට අවශ්‍ය නැති දේවල් කරන්න ගියොත් පරිහානියක් ඇති වෙනවා. කොළ එළියක් ඇවිත් තියෙනවා වාහන ගෙන්න.  ඡන්දයට කලින් වාහන ගෙන්නවද, ලබන අවුරුද්දේ මුල ඉදන් ගෙන්නවද, නෑ මේක රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එනවා වාහන ගෙන්නන් දෙනවා කියලා. රජයෙන් ඉල්ලන්නේ අපිව ගෙන්නලා කමිටුවක් හදන්න. මේක දැන් ඉඳන් පිළිවෙල කරන්න.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...