Sunday, April 19, 2026
spot_img
spot_img

රනිල් දිනවන්න තරුණ මන්ත්‍රී සන්ධානයක්

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් තරුණ නායකත්වයක් සහිත වෙනම සන්ධානයක් පිහිටුවීමට කටයුතු යොදා ඇත.

මැතිවරණ සඳහා මෙම නව සන්ධානය වෙනම තරග කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙම නව සන්ධානය පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර ජනතාවට ආකර්ෂණීය සලකුණකින් නව සන්ධානය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කිරීමට ද සැලසුම් කර තිබේ.

මෙම නව සන්ධානයේ නායකත්වය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරු දැනුම් දී ඇතත්, ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ රට ඉදිරියට යා යුත්තේ තරුණ දේශපාලනඥයන්ට අවස්ථාව දීමෙන් බවත්, මේ නිසා සන්ධානයේ නායකත්වය සඳහා තරුණ දේශපාලනඥයකු පත් කරන ලෙසය.

මේ නිසා සන්ධානයේ නායකයා ලෙස බොහෝ දුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාශීලී මන්ත්‍රීවරයකු පත් කිරීමට නියමිත බවද පැවැසේ. නව සන්ධානයේ අනුශාසකවරුන් ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කරනු ඇත.

නව සන්ධානයේ සියලු තනතුරු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විවිධ පකෂවල තරුණ මන්ත්‍රිවරු සහ ක්‍රියාකාරී සාමාජිකයන්ට දීමට සැලසුම් කර ඇතැයිද අනාවරණය වේ. බොහෝ දුරට මෙම නව සන්ධානය ජනාධිපතිවරණයට පෙර එළිදැක්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රිවරු සියයකට අධික පිරිසක්ද, අගමැති ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රිවරු සහයෝගය දක්වති.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...