අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය විසින් අද(21) පත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ හෝටලයකදී අද පෙරවරුවේ පවත්වා තිබෙන අතර මෙම පත්වීම කර ඇත්තේ එම රැස්වීමේදී.
මෙහිදි මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක්ද ඇතිවි තිබුණා.
ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ හෙක්ටර් බෙත්මගේ සාරතීදුෂ්මන්ත ඇතුළු කණ්ඩායමක් කාර්යාලය අසලට මෙසේ පැමිණ සිටි බවට වාර්තා වනවා.
Comments




