spot_img
spot_img

රන්ජන්ගේ සමුළුවට පැමිණි පිරිසට මුදල් නොගෙවූ බවට චෝදනා

රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය ඊයේ (27) පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

කෙසේවෙතත් මෙම සම්මේලනය අවසන් වීමෙන් පසු ඊට සහභාගී වු තරුණ තරුණියන් පිරිසක් චෝදනා කළේ රුපියල් 3,000 ක් ලබා දෙන බවට පවසා සම්මේලනයට කැඳවා තිබුණද සම්මේලනයෙන් පසු අදාළ මුදල ලබා නොදුන් බවයි.

එමෙන්ම ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබාදෙන බවට පැවසුවද එයද නොලැබුණු බව පවසමින් සමුලු‍වේ සංවිධායකයින් සහ තරුණ තරුණියන් පිරිස අතර නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන තිබුණා.

පසුව පොලීසිය මැදිහත් වී එම ස්ථානයේ රැඳි සිටි තරුණ තරුණියන් 200ක් පමණ ඔවුන්ගේ නවාතැන් වෙත පිටත් කර යවා තිබෙන බවට වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...