සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඔවුන් කැඳවූ බවයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඊට අදාළව රට තුළ ක්‍රියාත්මක නීතිය පිළිබඳව ඔවුන් වෙත යළි අවධාරණය කිරීමට මෙහිදී අපේක්ෂා කරන බව ඔහු පැවසුවේ ය.
ලබන සතියේ එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
මේ අතර , රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ද කොළඹට කැඳවා මැතිවරණ නීතිය පිළිබඳ දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ය.
Comments




