spot_img
spot_img

නව මාධ්‍ය අත්දැ­කී­මක් සමඟ ‘අහස ටීවී’ ළඟ­දීම ප්‍රේක්ෂ­ක­යන් හමු­වට

ශ්‍රී ලාංකික ටෙලි­වි­ෂන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවි­ශේෂී සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් ‘අහස ටීවී’ (Ahasa TV) නාළි­කාවේ මංගල විකා­ශය නුදු­රේ­දීම විකා­ශය කිරී­මට නිය­මි­තව ඇති බව එහි කළ­ම­නා­කා­රී­ත්වය පැව­සීය.

ඊයේ (28) පැවති විශේෂ ජන­මාධ්‍ය හමු­ව­කදී අලු­තින් ආරම්භ වන මෙම නාළි­කාවේ සන්නා­මය ජන­ගත කිරී­මෙන් අන­තු­රුව මේ බව නිල වශ­යෙන් ප්‍රකාශ කෙරිණි.

සීමා­ව­න්ගෙන් තොර වූ ගුණා­ත්මක ජන­මාධ්‍ය කලා­වක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂ­ක­යන්ට දායාද කිරීම මෙම නාළි­කාවේ මූලික අර­මුණ බව එහිදී පැව­සිණි.

අප­ක්ෂ­පා­තී­ත්වය, සත්‍යය, නිර­ව­ද්‍ය­තාව සහ පූර්ණ විනි­වි­ද­භා­වය පෙර­දැරි කර­ගත් වඩාත්ම විශ්ව­ස­නීය තොර­තුරු මූලා­ශ්‍රය වෙමින් ප්‍රේක්ෂ­ක­යන්ගේ හෘද­සා­ක්ෂියේ ප්‍රකා­ශ­කයා බවට පත්වීම නාළි­කාවේ අනා­ගත දැක්ම බව එහි කළ­ම­නා­කා­රී­ත්වය පැව­සීය.

එසේම, දේශීය සංස්කෘ­තික අන­න්‍ය­තාව හා ආචා­ර­ධා­ර්මික අග­නා­කම් සුර­කි­මින් අති­නූ­තන තාක්ෂ­ණය මුසු වූ උසස් ප්‍රමි­තියේ නිර්මා­ණ­ශීලි වැඩ­ස­ට­හන් පෙළක් ඉදි­රි­පත් කිරී­මට ද නාළි­කාව සැල­සුම් කර ඇත.

සාම්ප්‍ර­දා­යික ගතා­නු­ග­තික ජන­මාධ්‍ය රටා­වෙන් මිදී, නාළි­කාවේ කළ­ම­නා­කා­රී­ත්වයේ සිට සමස්ත ප්‍රේක්ෂක ප්‍රජාව දක්වා එකම පවු­ලක් ලෙස යා කරන “අපි හද­ව­තින්ම සතු­ටින්” යන තේමා පාඨය යටතේ රස­වත් මෙන්ම හර­වත් මාධ්‍ය සංස්කෘ­ති­යක් අත්වි­ඳී­මට ‘අහස ටීවී’ නාළි­කාව ලාංකි­ක­යන්ට ඇරි­යුම් කර සිටියි.

‘රතු ඉර’ පුව­ත්පත සහ ‘ELEVARE’ සඟ­රාව ප්‍රකා­ශ­යට පත්ක­රන බිස්නස් මීඩියා ඉන්ට­ර්නැ­ෂ­නල් සමූ­හය ‘අහස ටීවී’ හි හිමි­කා­රි­ත්වය උසු­ලන අතර, එහි සභා­ප­ති­නිය ලෙස සබීතා හෙට්ටි­ආ­රච්චි මහ­ත්මිය කට­යුතු කරයි.

වත්මන් වේග­වත් ඩිජි­ටල් යුගයේ ගෝලීය ප්‍රව­ණ­තා­ව­ලට අනු­ගත වෙමින්, හුදෙක් තිර­යක් දෙස බලා සිටින ප්‍රේක්ෂ­ක­යකු වෙනු­වට ප්‍රේක්ෂක අද­හ­ස්ව­ලට ගරු­ක­රන අන්තර් ක්‍රියා­කාරී ජන­මාධ්‍ය අත්දැ­කී­මක් සමීප කිරීම ‘අහස ටීවී’ හි ප්‍රධාන අපේ­ක්ෂාව බව ද මාධ්‍ය හමු­වේදී පැව­සිණි.

විශේ­ෂ­යෙන්ම මෙරට Gen-Z පර­ම්ප­රාවේ තරුණ අද­හස් හා දක්ෂ­තා­ව­ලට අන්ත­ර්ජා­තික මට්ටමේ අව­කා­ශ­යක් නිර්මා­ණය කර දීම නාළි­කාවේ තවත් ප්‍රධාන වග­කී­මක් ලෙස හඳුන්වා දී තිබේ.

නවෝ­ත්පා­ද­නය පෙර­දැරි කර­ගත් මෙම වැඩ­ස­ට­හන් මාලාව ශ්‍රී ලංකාවේ ආර්ථික, සමා­ජීය සහ සංස්කෘ­තික ප්‍රග­ම­න­යට සක්‍රිය දාය­ක­ත්ව­යක් සප­යනු ඇතැයි නාළි­කාව විශ්වාස කරයි.

තිර­සර හා වග­කි­ව­යුතු ජන­මාධ්‍ය භාවි­ත­යක් ඔස්සේ කුඩා දරු­වාගේ සිට පරි­ණත වැඩි­හි­ටියා දක්වා සෑම පර­පු­රක්ම සතු­ටින් තබ­මින් බුද්ධි­මය ජන­මාධ්‍ය මෙහෙ­ව­රක් ඉටු කිරී­මට ‘අහස ටීවී’ සූදා­න­මින් සිටී.

සන්නා­මය ජන­ගත කිරීමේ මාධ්‍ය හමුව සඳහා AVG සමූ­හයේ සභා­පති නිලංග කරු­ණා­රත්න, ප්‍රධාන විධා­යක නිල­ධාරි අජිත් රණ­සිංහ, ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරි ඉංජි­නේරු නිලූප රණ­වීර, ප්‍රධාන අන්ත­ර්ගත නිල­ධාරි සහ නාළිකා ප්‍රධානී ආචාර්ය සෙනේෂ් දිසා­නා­යක බණ්ඩාර, ප්‍රධාන ආදා­යම් නිල­ධාරි කිෂෝ විතා­නච්චි මෙන්ම ප්‍රවෘත්ති හා කාලීන තොර­තුරු ප්‍රධානී උපේන්ද්‍ර හේරත් සහ වැඩ­ස­ට­හන් ප්‍රධානී විරාජ් මාලිංග ගමගේ යන මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරි­සක් ද එක්ව සිටි­යහ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...