spot_img
spot_img

ඡන්දෙ දා හදිසි ආපදාවලට සූදානමින් ඉන්නැයි කොමිසමෙන් උපදෙස්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දින ගංවතුර සුළි සුළං හෝ වෙනත් හදිසි ආපදා ඇති වූවහොත් ඒවාට මුහුණදෙමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඔරු අගුල් බැකෝ යන්ත්‍ර යනාදි දෑ සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියළුම තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන දින හදිසියේ ආපදාවන් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස නාවික හමුදාවට සහ ගුවන් හමුදාවටද දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔරු අගුල් යනාදිය සූදානම් කරන ලෙස කොමිසම දැනුම් දී ඇත්තේ නිතර ගංවතුර ඇතිවන ප්‍රදේශවල තේරීම් බාර නිලධාරීන්ටයි.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය තේරීම් භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පවසන්නේ, කොමිසමේ උපදෙස් අනුව හදිසි අපදාවන්ට මුහුණදීම සඳහා සියලු කටයුතු සූදානම් කරගෙන යන බවයි.

වර්ෂාව සමඟ නාය යෑම් සහ ගස් කඩා වැටීම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ විට දක්නට ලැබෙන තත්ත්වයක් බවත් එවැනි තත්ත්වයන් ඇති වුවහොත් ගස් සහ කඩා වැටෙන පස් කඳු ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර සූදානම් කරන බවත් ඔහු සඳහන් කළා.

හදිසියේ ආපදාවන්ට මුහුණ දීම සඳහා සූදානම් වන ලෙස කොමිසම දිස්ත්‍රික් ආපදා කමිටුවලටද දැනටමත් උපදෙස්දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...