spot_img
spot_img

පොලිස්පති අවුල ගැන නීතිපතිගෙන් කථානායකට උපදෙස්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝග අනුව ක්‍රියාකරන්නැයි නීතිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනට උපදෙස් දී තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නීතිපති උපදෙස් ඉල්ලා යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇති ගැටළුව පිළිබඳව අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා නොකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවා.

කථානායකවරයා සඳහන් කළේ, අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කිරීමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

එවැනි පදනමක් තුළ සාකච්ඡා සඳහා යොමු නොවන බව ඔහු සඳහන් කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඉන් අනතුරුව ජනාධිපතිවර​යා කියා සිටියේ, පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව අගවිනිසුරුවරයා සහ කථානායක සමග සාකච්ඡා කර විසඳා ගත යුතු බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...