spot_img
spot_img

නාමයෝජනා භාරගැනීම අද

ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකිරීමට නියමිතව තිබේ.

උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබේ.

මෙවර ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාරගැනීමේ කාලය ඊයේ (14) දහවල් 12.00න් අවසන් වූ අතර ඒ අනුව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

එහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර නාම යෝජනා පත්‍ර භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 1,000ක පමණ පිරිසක් මෙම ආරක්ෂක වැඩපිළිවෙල සඳහා යොදවා ඇති බවය.

අද දිනය තුළ මැතිවරණ මහලේකම් කාර්යාලය ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇති විශේෂ රථ වාහන සැලැස්ම පිළිබඳ සම්පූර්ණ විස්තරේ මෙතැනින් පිවිසෙන්න.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...