spot_img
spot_img

ආබාධ සහිත අයට ඡන්දෙ දාන්න සහයකයෙක්

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට (අශක්නුතාවය) පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

නමුත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ අයෙකු වියයුතු අතර එසේම ඔහු මෙම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් නොවන්නෙකු විය යුතු‍යි.

එමෙන්ම එම සහායකයා මෙම ඡන්ද විමසීමේදී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයෙකු හෝ ඡන්දපොළ නියෝජිතයෙක් වශයෙන් කටයුතු නොකරන්නෙක් විය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

යම් ඡන්ද දායකයෙක් සහායකයෙක් කැටුව යාම සඳහා ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතේ පස්වන උපලේඛන මගින් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්දපොළෙහි නිලධාරීන් ට ඉදිරිපත් කළ යුතුයි.

එම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

එසේ ලබාගත් ඉල්ලුම්පත සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත්කර සහතික කර අනතුරුව එය රජයේ වෛද්‍ය නිලධාරියෙක් වෙතා ඉදිර්පත්කර සහතික කරගත යුතුයි.

ඡන්දය සලකුණු කිරීමට යාමේදී ඡන්ද දායකයා සහ සහායකයා යන දෙදෙනාම ජාතික හැඳුනුම්පත හෝ ඡන්දපොළේදී පිළිගන්නා හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යවශ්‍ය වනවා.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...