spot_img
spot_img

අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක්

එළඹෙන අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදු වන බව ඇමරිකාවේ නාසා ආයතනය පවසනවා.

2024 වසරේ පළමු චන්ද්‍රග්‍රහණය මාර්තු 25 වැනි දින හට ගත් අතර 2024 වසරේ ප්‍රථම සූර්ය ග්‍රහණය   මෙලෙස සිදු වීමට නියමිතයි.

සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරන අවස්ථාවකදී  සූර්ය ග්‍රහණය හට ගන්නා අතර එය ඉතා දුර්ලභ සිදුවීමක් වශයෙන් හඳුනා ගත හැකියි.

කෙසේවෙතත්, මෙම සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාව වෙත දිස් වන්නේ නැහැ.

නාසා ආයතනය පවසන්නේ මෙම සූර්ය ග්‍රහණය වඩාත් හොඳින් දැක ගත හැකි වන්නේ උතුරු ඇමරිකාවට බවයි.

එමෙන්ම  උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 වසරේදී බවද නාසා ආයතනය පෙන්වා දෙනවා.  

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...