spot_img
spot_img

බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 235 ක් ලබා ගත්තා.

පන්දුවාර 50 අවසානයේ තරගය නවත්වන විට ශ්‍රී ලංකා කණ්ඩයමේ කඩුලු සියල්ල දැවී ගොස් තිබූ අතර, ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 236ක්.

අද (18) තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි පැතුම් නිස්සංක, ලහිරු කුමාර, දුනිත් වෙල්ලලගේ එක් ලකුණ බැගින්ද, අවිශ්ක ප්‍රනාන්දු 04, කුසල් මෙන්ඩිස් 29, සදීර සමරවික්‍රම 14, චරිත් අසලංක 37ක්ද, වනිඳු හසරංග ලකුණු 11ක්ද, මහීෂ් තීක්ෂණ ලකුණු 15ක්ද, ප්‍රමෝද් මධුෂාන් ලකුණු 03ක්ද රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ පන්දු 102කදී නොදැවී ලකුණු 101ක් රැස් කළ අතර, මෙම ශතකය ඔහුගේ මංගල ශතකයයි.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ Taskin Ahmed කඩුලු 03ක්ද, Mustafizur Rahman සහ Mehidy Hasan Miraz කඩුලු 02 බැගින්ද, Soumya Sarkar, Rishad Hossain එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...