spot_img
spot_img

කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රි ලන්කන් යානයක් යළි ගොඩබස්වයි

කාර්මික දෝෂයක් හේතුවෙන්, දකුණු කොරියාව බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැය දෙකක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්සවා තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය අංශය පැවසුවේ, යූ.එල්.- 470 දරන ගුවන් යානය, මගීන් 144 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 15 දෙනෙකු සමග ඊයේ (07) පස්වරු 06.20 ට කටුනායක ගුවන් තොටුපොලේ සිට දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළ බලා ගමන් ආරම්භ කළ බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවසුවේ කාර්මික දෝෂයකට ලක් වීම නිසා නැවත රාත්‍රී 08.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත යානය ගොඩ බැස්සවූ බවයි.

මෙම ගුවන් මගීන් පිරිස, වෙනත් ගුවන් යානයකින් දකුණු කොරියාව බලා පිටත් කර හැරීමට සැළසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...