spot_img
spot_img

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව ඇත .

කල්දේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් බවත් ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ට ජයග්‍රහණ අත්කර දී තිබෙන බවත් ටයිම්ස් සඟරාව වාර්තා කළේය.

ශ්‍රී ලංකාව සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් කල්දේරා මහත්මිය ගොනුකළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇයගේ පැත්ත ගනිමින් එලෙස සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දුවක් ලබා දී තිබෙන බව ටයිම්ස් සඟරාව පැවැසුවේය.

ඇමරිකානු විද්වතුන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස 1999 වසරේදී ප්‍රථම වරට ටයිම්ස් 100 නමින් වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා ටයිම්ස් සඟරාව ප්‍රකාශයට පත් කළේය.එතැන් සිට වාර්ෂිකව වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා එළි දැක්වීමට ටයිම්ස් සඟරාව කටයුතු කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...