spot_img
spot_img

උසස් පෙළ ලියන සිසුන්ට විශේෂ පණිවුඩයක් – යන්න කලින් මේ ගැන දැනගෙන යන්න

024 අ.පො.ස. උසස් පෙළ විභාගය අද (25) දිනයේ ආරම්භ වන අතර, මෙය විභාග මධ්‍යස්ථාන 2,312කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රවේශ පත්‍රයේ ඇති අපේක්ෂකයාගේ අත්සන, සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් තහවුරු කරගෙන, වලංගු අනන්‍යතා පත්‍රයක් සහිතව විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බවයි.

උසස් පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 333,185ක් සුදුසුකම් ලබා සිටින අතර ඉන් 253,390 දෙනෙක් පාසල් අයදුම්කරුවන් වන අතර සෙසු 79,795 සියලු දෙනා පෞද්ගලික අපේක්ෂකයන් වේ. දින 22ක් පුරා පැවැත්වෙන උසස් පෙළ විභාගය දෙසැම්බර් 20 වනදා අවසන් වීමට නියමිතයි.

මේ අතර, උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිතය සඳහා අවසරය හිමි වන්නේ විභාග ශාලාධිපතිවරුන්ට බවත් සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්යමණ්ඩලයට මෙවර ජංගම දුරකථන භාවිතයට අවසර හිමි නොවන බව ද හෙතෙම කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...