පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැදවමින් දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන පථයේදී ඊයේ (21) සිදු වූ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා අප්‍රේල් 30 වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසනවා.
මූලික විමර්න වලින් පෙනී යන්නේ, එම සිද්ධියට පෙර එම ධාවන පථයේම මෝටර් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුර නැරඹීමට, ප්‍රේක්ෂකයින් එම ධාවන පථය ආසන්නයට පැමිණ ඇති බවයි.
2024 FOXHILL මෝටර් රථ ධාවන තරගය ඊයේ පැවැත්වුණේ දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන පථයේදියි.
වසර 5කට පසුව පැවති මෙම තරගය නැරඹීම සදහා සිටි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි.
තරගයේ පළමු අදියර අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන තරග නිරීක්ෂකයින්ගේ සහ නරඹන්නගේ ගැටී තිබුණා.
එම අන්තුරින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.




