spot_img
spot_img

5 ශ්‍රේණියේ සිසුන්ට විශේෂ නිවේදනයක්

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙනවා.

මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු පෙනී සිටීමට නියමිත අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට දිනයේ විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු නොපවත්වන ලෙසයි.

එමෙන්ම විභාගය සඳහා පෑන් භාවිත කරන්නේ නම් ඒ සඳහා කළු හෝ නිල් පෑනක් පමණක් භාවිත කරන ලෙසත් වෙනත් වර්ණ පාවිච්චි නොකරන ලෙසත් ඔහු දැනුම් දී තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කළේ දරුවන් පැන්සල භාවිත කරන්නේ නම් ඒ සඳහා කිසිඳු බාධාවක් නොමැති අතර පැන්සලෙන් ලියන දරුවන්ට පැන්සල් කීපයක් රැගෙන එන ලෙසයි.

එමෙන්ම විභාග මධ්‍යස්ථානයට මකන කෑල්ලක්, අඩි කෝදුවක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට අවසර හිමිවෙනවා.

ස්මාර්ට් වර්ගයේ අත්ඔරලෝසු සහ ෆයිල් කවර විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට අවසර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...