ක්‍රොඒෂියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නැගෙනහිර දරුවාර් නගරයේ පිහිටි සුරැකුම් මධ්‍යස්ථානයකට පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.
වෙඩිතැබීම සිදුකළ සැකකරු පළාගොස් ආපන ශාලාවක රැඳී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.




