spot_img
spot_img

පිරිමින් රවටා නිරුවත් ඡායාරූප ලබාගෙන මුදල් ගරන ජාවාරමක්

සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අන්තර්ජාලයේ ප්‍රචාරයට කරන බවට පවසා බලෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිරිමි පුද්ගලයෙකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩ නඟා ගනිමින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබා ගෙන එම ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයේ පළ කරන බවට බවට අදාළ පුද්ගලයා මුදලින් රුපියල් ලක්ෂ 7ක් ලබාගෙන ඇති බවට කරන පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (05) පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් දෙහිවල පොලිස් වසමේ කවුන්සිල් ඇවිනිවූ පෙදෙසේදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...