spot_img
spot_img

වර්ජනය මැද වැඩට ආ ගුරුවරුන්ට 1630ක වැටුප් වර්ධකයක් – වැඩට ආව ගුරුවරුන්ට කල්ල මරේ

ඉකුත් ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ඊයේ (09) හිමිව තිබෙනවා.

ඒ අනුව එම දින දෙක තුළ සේවයට වාර්තා කළ 3 වැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525ක වැටුප් වර්ධකයකුත්, 2 වැනි ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රුපියල් 1335ක වැටුප් වර්ධකයකුත් හා පළමුවැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 1630ක වැටුප් වර්ධකයකුත් වශයෙන් ලබා දීම කෙරෙහි කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ.

අද පැවැති කැබිනට් දැනුම් දීමේ දී මේ බව සඳහන් කළ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම වැටුප් වර්ධක විශ්‍රාම වැටුපට බල නොපාන ලෙස ලැබෙන බවත්, ලබා දෙන ප්‍රශංසා සහතික අදාළ දිනවල රාජකාරි සඳහා වාර්තා කළ රාජ්‍ය සේවකයන්ගේ පුද්ගලික ලිපිගොනු වෙත ඉදිරිපත් කරන බවයි.

මේ අතර එම ප්‍රශංසා සහතික ඉදිරියේ දී ඔවුන්ගේ උසස්වීම් ලබා දීමේ දී සලකා බලන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...