spot_img
spot_img

ලාංකිකයන්ගේ සීනි කෑම ගැන අනාවරණයක්

ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකු වසරකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති සීනි ප්‍රමාණය මෙන් තුන් ගුණයකට වැඩි සීනි ප්‍රමාණයක් පරිභෝජනය කරන බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උප ලේකම් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පවසනවා.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඊයේ (20) පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසරකට පුද්ගලයෙකු පරිභෝජනය කළ යුතු සීනි ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 13ක් ලෙස නිර්දේශ කර තිබුණද ශ්‍රී ලාංකිකයෙකු වාර්ෂිකව එම සීනි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් එනම් සීනි කිලෝ ග්‍රෑම් 39ක් පරිභෝජනය කරන බව අනාවරණය වී ඇති බවයි.

මෙසේ අධික ලෙස සීනි පරිභෝජනය කිරීම හේතුවෙන් මෙරට දත් දිරා යාමේ රෝග තත්ත්වය වර්ධනය වී ඇති බවද  හෙළි වී තිබෙනවා.

මේ අතර,  මෙරට ළමුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු රාත්‍රී කාලයේ නින්දට පෙර දත් නොමදින බවද වෛද්‍ය නිලන්ත රත්නායක මහතා මෙහිදී සඳහන් කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...