spot_img
spot_img

රුවන්ගෙන් සජබෙට යෝජනාවක්

සමගි ජනබල වේගය තවත් වසර පහක් විපක්ෂයේ නොසිට මීළඟ ජනාධිපතිවරයා වශයෙන් යළිත් වරක් පත්වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දිය යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අද ගම්පහ දී පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ගම්පහ , පල්ලිය පාරේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතුරින් සුවිශේෂී අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් රටේ ආර්ථික තත්ත්වය යහපත් කරමින් වසර දෙකක් තුල රට පැවති අගාධයෙන් ගොඩගත් වත්මන් ජනාධිපතිවරයා යළිත් බලයට ගෙන ඒම පිනිස ප්‍රසන්න රණතුංග මහතා ඇතුලු පොදුජන පෙරමුණේ පිරිසක් එක්ව සිටින බවත් රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...