spot_img
spot_img

උද්භිද උද්‍යාන 10ක් හදන්න සැලසුමක්

දේශගුණික කලාප අනුව උද්භිද උද්‍යාන 10ක් පිහිටවීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අද (05) පාර්ලිමේන්තුවේදී අග්‍රාමත්‍යවරයා මේ බව සඳහන් කළා.

රට පුරා සිටින ජනතාවට මෙන්න්ම පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම උද්‍යාන පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන බවද දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ගාල්ල, වව්නියාව, අම්පාර, පොළොන්නරුව, දෙණියාය යන ප්‍රදේශවල එම උද්භිද උද්‍යාන ව්‍යාප්ති ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

“උද්භිද උද්‍යාන 10ක් පිහිටවීමට සැලසුම් කරලා තියෙනවා. මේ වන විට උද්භිද උද්‍යාන ව්‍යාප්ති සැලසුම් කර ඇති ආකාරය, ගාල්ල – අක්මීමන කඩොලාන උද්භිද උද්‍යාන වව්නියාව උද්භිද උද්‍යානය අම්පාර, පොළොන්නරුව සහ දෙණියාය වැනි ප්‍රදේශවල සැලසුම් ගතව අපි අද ඉලක්ක ගත කරලා තිබෙනවා. ඒ විෂය පිළිබඳ මනා දැනුමක් ඇති ඒ කේෂ්ත්‍රයේ කාලයක් යෙදී කටයුතු කළ අය. ඒ නිසා එහි ප්‍රයෝජනය ප්‍රදේශවාසීන්ට පමණක් නොව රට පුරා විහිඳී සිටින ජනතාවටත් ඒ වගේම පාසල් යන දරුවන්ටත් ප්‍රයෝජනයට පරිවර්ථනය කරගන්න පුළුවන් වූ ඉලක්කයන් කරා අපි වැඩකරනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...