spot_img
spot_img

Mpox නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක් ඉන්දියාවෙන් හමුවෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගොලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම්කළ Mpox හෙවත් වෛරසයේ නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් පළමුවරට ඉන්දියාවේන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ වන විට අප්‍රිකාවේ ඉතා වේගයෙන් පැතිරෙන මෙම නව ප්‍රභේදය “clade 1b” ලෙස හැඳින්වෙයි.

මෙම ආසාදිතයා ඩුබායි සිට පැමිණි දකුණු කේරළ ප්‍රාන්තයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වෛරසය ආසාදනයේ මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම වන අතර සමෙහි ඇතිවන ගැටිති වැනි තුවාල ඉතා වේදනාකාරී වේ.

සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන් වේ.

අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක පැතිරයන ‘එම්පොක්ස්’ හෙවත් ‘මංකිපොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම්දී තිබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...