spot_img
spot_img

පාසැල් නිවාඩු දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාව පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් නිවාඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් යෑමෙන් පසු පාසල් නිවාඩුවට එය බලපාන ආකාරය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකට පිළිතුරු දෙමින් ලේකම්වරයා මෙම අදහස් පළ කළා.

පාසල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර 2025 ජනවාරි 02 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණද, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම දිනය වෙනස් විය හැකි බව ඔහු සඳහන් කළා.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අපහසුතාවයක් නොවන පරිදි විභාගය කළමනාකරණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවද ලේකම්වරයා සහතික කළා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගයේ දින කිහිපයක් කල් දැමූ අතර විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් නැවත සැකසූ කාලසටහනක් අනුව ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...