Friday, June 5, 2026
spot_img
spot_img

අසත්‍ය පුවතක් ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාව, නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවන බව පවසමින් ව්‍යාජ දැන්වීමක් හුවමාරු වෙමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ, එම දැන්වීම සහිත සබැඳිය විවෘත කිරීමෙන් වළකින ලෙසයි.

එය සයිබර් වංචාවක් විය හැකි බවත් ඒ හරහා ඔබගේ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශ්වයන් අතට පත්විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...