spot_img
spot_img

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පෙට්‍රල් ,ඩීසල් , භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ,ආනයනය පිරිපහදු කිරීම ,බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වුවද මෙම අංශයට පුළුල් නියාමන යාන්ත්‍රණයක් නොමැති බව රජය කියයි.

පෞද්ගලික ආයතන රාශියක්ද ඛනිජතෙල් නිෂ්පාදනය, ආනයනය සහ බෙදාහැරීම සඳහා සම්බන්ධ වී සිටින බැවින් එම අංශයේ අභියෝගවලට විසඳුම් සෙවීම ,නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ගේ, ආයෝජකයන්ගේ හා අනෙකුත් පාර්ශ්ව කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන , ඵලදායී කාර්යක්ෂම නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම පිණිස විදුලිබල හා බලශක්තිය අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...