spot_img
spot_img

රනිල්ට සහාය දෙන පොහොට්ටුවේ අයගෙන් නව පක්ෂයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ ද අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළා.

එය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරන බවයි, ඔහු කියා සිටියේ. මේ වනවිට ඒ සඳහා වන අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.

එහි දී ඔහු ප්‍රකාශ කළේ, තමන්ට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයින් ඇතුළු සියලුදෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි.

මෙම සංසදය පැවැත්වුණේ, මහනුවර ඕක් රේ රීජන්සි හෝටලයේ දීයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...