Wednesday, April 22, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ බව පැවසුවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

“නව ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධූරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් නොපිරිහෙළා ඉටු කිරීම පිණිස ශක්තිය ධෛර්යය ලැබේවායි ද ප්‍රර්ථනා කරමු.”

“නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය බාධා රහිතව පවත්වාගෙන යනු ඇතැයි නව ජනාධිපති කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය එතුමන් විසින් රැක ගනු ඇතැයි ද, අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය සහ මෙතෙක් අප මාතෘ භූමිය පුරා පැතිරී තිබූ දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් සිදුවී ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි ද අප අපේක්ෂා කරමු.”

“එමෙන්ම, විටින්විට අප නිජබිමට බෙහෙවින් අහිතකර ලෙස බලපෑ ජාතීන් අතර වෙනස්කම් මින් ඉදිරියට ඇති නොවන පරිදි ශ්‍රී ලාංකීය ප්‍රජාව එක්සේසත් කිරීමේ මහඟු කාර්යය සඳහාත්, ජාති, ආගම්, කුලභේදවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහාත් ශක්තිමත් පදනමක් තැබීමට ජනාධිපතිතුමන් හට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරමු.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...