spot_img
spot_img

පොහොට්ටුවේ පිරිසක් රනිල් ළඟට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්තද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ, රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේ දීත් සහායෝගය ලබාදෙන බවයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව, ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට තම සහය පළ කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් හා ජනාධිපතිවරයා අතර ඊයේ (29) කොළඔ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව එකඟතාවයකට පැමිණ තිබුණා.

මෙම සාකච්ඡාව සඳහා අජිත් රාජපක්ෂ, ගාමිණී වලේබොඩ, ප්‍රේම්නාත්සී.දොළවත්ත,‍ මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, එස්.බී දිසානායක ,ලොහාන් රත්වත්තේ,ගීතා කුමාරසිංහ සහ අලි සබ්‍රි ඇතුළු විශාල මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියා.

තවද පොහොට්ටුවේ සහාය ලබාගැනීම සඳහා උත්සාහ කරන බවද මන්ත්‍රීවරු එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...