spot_img
spot_img

මුදල් වංචාවකට විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදු කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතික පිරිමි පුද්ගලයින් 29ක් හා කාන්තාවක් සිටින බවයි.

එමෙන්ම එම පිරිස අතර ඉන්දිීය ජාතික පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් 03ක් ද තායිලන්ත ජාතික පිරිමි පුද්ගලයින් 02ක් සහ කාන්තාවන් සිව් දෙනෙකු සිටින බව සඳහන්

මෙම පිරිස හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් තුළ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මතයි අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ

ඔවුන් සතුව තිබී මූල්‍යමය වංචාවන් සිදුකිරීම සඳහා යොදා ගන්නා ලද ජංගම දුරකථන 499ක් හා ලැප්ටොප් 24ක් හා ඩෙක්ස්ටොප් 29ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...