spot_img
spot_img

ශ්‍රී ලංකා කාන්තා පිලට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා ක්‍රිකට් එක්දින තරඟාවලි​යේ පළමු තරඟ​යේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමින්.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අදින් (15) ආරම්භ වූ තරඟ​යේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව, පිටියට පිවිසි කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 197ක් රැස් කිරීමට සමත් වුණා.

කොදෙව් කණ්ඩායමේ නායිකා Hayley Matthews ලකුණු 38 (53) ක්ද, Shemaine Campbelle ලකුණු 27 (51)ක් ද, Aaliyah Alleyne ලකුණු 14 (19) ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුගන්ධිකා කුමා​රි සහ කවිශ්කා දිල්හා​රි කඩුලු 03 බැගින්ද, නායිකා චමරි අතපත්තු සහ අචිනි කුලසූරි​ය එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනතුරුව ලකුණු 198ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 01ක දී කඩුලු 04ක් දැවී ලකුණු 198ක් ලබා ගනිමින් කොදෙව් කාන්තා කණ්ඩායම පරදා ජය වාර්තා කිරීමට සමත් වුණා.

විශ්මි ගුණරත්​න ලකුණු 40(50)ක් ද, චමරි අතපත්​තු ලකුණු 38(36)ක්ද, හසිනි පෙරේ​රා ලකුණු 43(59)ක්ද, හර්ශිතා සමරවික්‍ර​ම නොදැවී ලකුණු 44(53)ක්ද රැස් කිරීමට සමත් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...