spot_img
spot_img

පාසල් සිසුන්ට රිය නිපුණ පදක්කමක්

පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් ලබාදෙන රිය නිපුණ පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගීවී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මෙලෙස පාසල් මාර්ග ආරක්ෂක සංසද පිහිටුවීම සහ පදක්කම් ලබාදීමේ වැඩසටහන අද සිට (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මෙයට ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සිට උසස් පෙළ හදාරන සිසුන් දක්වා සහභාගිවීමේ අවස්ථාව හිමිවනවා.

මීට අමතරව මෙම සංසද මගින් ජනාධිපති පදක්කම දක්වා කටයුතු කරන සිසුන්ට විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීමේදී විශ්වවිද්‍යාල වෙත තේරීපත්වන අනෙකුත් සිසුන්ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමටද නියමිතයි.

මෙම පදක්කම් ලබාදීමේ ක්‍රමවේදය පාසල් ආචාර්ය මණ්ඩලයේ මෙන්ම කොට්ඨාස මට්ටමේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතව ඇති අතර මෙයට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...