spot_img
spot_img

ජනාධිපතිවරණ සමයේ,රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු සමීපව අධ්‍යනය කිරීමට මානව හිමිකම් කොමිසමෙන් තීරණයක්

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය නිලධාරින්‍ගේ කටයුතු සමීපව අධ්‍යනය කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.
එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග රට තුළ පවතින මැතිවරණ නීතිය ප්‍රකාරව සෑම රාජ්‍ය නිලධාරියෙකුම කටයුතු කළ යුතු බවයි.

එහිදී සැමට අපක්ෂපාතී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී සිටින බවද, ඔහු පැවසුවේ ය.

නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ඇතැම් රාජ්‍ය නිලධාරින් එම නීතියට අනුගත නොවෙමින් ඇතැම් අපේක්ෂකයින් ප්‍රවර්ධනයට සහය ලබාදීමෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවයි.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය ආයතන ජනාධිපතිවරණ කාලය තුළ ජනතාවගේ මානව හිමිකම් කඩකිරීමකින් තොරව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...