spot_img
spot_img

ජනාධිපතිගෙන් සල්ලි ගත්ත සජබේ මන්ත්‍රීලා ගැන තීරණයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරිපත් කරන ලද විමධ්‍යගතා යෝජනාවලට ජනාධිපතිවරයා විසින් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සොයා බලන බවට සමගි ජන බලවේග පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබෙනවා.

‘මව්බිම’ වාර්තා කළේ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතුවලට රුපියල් කෝටි 32කට අධික මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙන්කර දීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසූ බවයි.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහිදී සඳහන් කර ඇත්තේ විමධ්‍යගත යෝජනා යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් එලෙස මුදල් ලබා ගැනීම වැරදි බවයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ඔවුන් ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් සමගි ජන බලවේග පක්ෂ මහලේකම්වරයා පවසා තිබෙනවා.

ඔහු තවදුරටත් අවධාරණය කර ඇත්තේ, අදාළ මන්ත්‍රීවරුන්ට දැනටමත් මේ සඳහා මුදල් ලබා දී ඇතිද යන්න පිළිබඳව සොයා බලන බවයි.

ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් තෝරාගෙන ඔවුන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවලට අල්ලස් ලෙස මුදල් ලබා දී ඇති බව ත් එම ප්‍රතිපාදන තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනට ම ලබාගෙන ඇත්දැයි සොයා බලන බවත් මහ ලේකම් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබෙනවා.

එමෙන්ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට විකෘති කළද දේශපාලනයේදී තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බා ගැනීමට ජනපතිට ඉඩ නොදෙන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙහිදී පවසා තිබුණා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ නොයෙක් පඬුරු ලබා දී සමගි ජන බලවේග මන්ත්‍රිවරුන්ගේ ඡන්ද ලබා ගැනීමට රජය උත්සාහ කරන බවයි.

එලෙස මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට පමණක් මුදල් ලබා දීම අසාධාරණ බවත් විමධ්‍යගත ප්‍රතිපාදන ඇත්තේ සෑම මන්ත්‍රීවරයෙකුට ම ලබා දීමට මිස තෝරා ගත් අයට දීමට නොවන බවත් සමඟි ජන බලවේගයේ මහ ලේකම්වරයා තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...