spot_img
spot_img

ගොවි වෘත්තිය සමිතිවලට අධිකරණ නියෝගයක්

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, කිරි ගොවීන් සුරැකීමේ මධ්‍යස්ථාන ඇතුලු වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් පිරිසකට කොළඹ මාර්ග කිහිපයකට ඇතුලු වීම වළක්වාලමින් කොටුව සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණවලින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඔවුන් අද පස්වරුවේ කොළඹදි සිදු කිරීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇති වන බවට පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුවයි.

අධිකරණ නියෝගය අනුව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුලු වෘත්තිය සමිති සාමාජිකයින්ට ටෙක්නිකල් හන්දිය, ඩීන්ස් පාර ඉබ්බන්වල හන්දිය, ගාමිණිහෝල් හන්දිය ඇතුලු ප්‍රදේශවලට ඇතුලු වී විරෝධතාවයේ නිරත වීම තහනම් වනු ඇති.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...