spot_img
spot_img

විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ නියෝගයක්

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

මරදාන පොලීසියේ ස්ථානාධිපති කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර තිබුණි.

එම විරෝධතාවය සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය අවට මාර්ගවල ගමනාගමනය අවහිර වන පරිදි වාහන වලට සහ මහජනතාවට බාධාකාරී වන ලෙසට එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු කරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මාළිගාකන්ද අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එම අධිකරණ නියෝගය නිකුත්කර තිබේ.

ඒ අනුව අද දින පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය අවට ඒකරාශී වී අවට ඇති මහා මාර්ගය, පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ සෞඛ්‍ය අමාත්‍යංශය ට ඇතුළු වීම වළක්වාලමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත්කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...