සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා හමුවේ විනාඩි 40ක රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා තම සේවා දායකයා සඳහා රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා සිටියා.
එහිදී මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය රහස් ප්‍රකාශයක් ලබාදීමේ දී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කළ අතර එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබාදීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා සිටියා.
ඒ අනුව, අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගත් අතර එහිදී සැකකරු අදාළ රහස් ප්‍රකාශය ලබාදී තිඑනවා.
ඒ අනුව, දුලාන් සංජය ඇතුළු සැකකරුවන් 8 දෙනා අගෝස්තු මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.




